උතුරු කොරියාව සමග සබඳතා තර කිරීමට රුසියාව සූදානම්
2024-01-18 09:41:33
Share with:

උතුරු කොරියාව සමග සියලු ක්ෂේත්‍රයන් හි පවතින සබඳතා තර කිරීමට සූදානම් බව රුසියාව කියාසිටී. ක්‍රෙම්ලීන ප්‍රකාශක Dmitry Peskov  මහතා උපුටා දක්වමින් එරට TASS ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව ඊයේ (17) වාර්තා කළේය.

ඉකුත් 14 වැනිදා රුසියාවට පැමිණි උතුරු කොරියානු විදේශ ඇමතිනි Choe Son Hui මහත්මිය, රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා සමග 16 වැනිදා සාකච්ඡා පැවැත්වූවාය. අනතුරුව ජනාධිපති Vladimir Putin මහතා සමග ද කෙටි සාකච්ඡාවකට එක් වූ අමාත්‍යවරු දෙපළ, එළඹුණු එකඟතාවන්ට අදාළව දෙරට අතර ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට ද සහභාගි වූහ.

කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්ත්වය, ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම ජාත්‍යන්තර කලයේ පවතින විවිධ අර්බුද එහිදී සාකච්ඡා කෙරුණු බව ද ක්‍රෙම්ලීන ප්‍රකාශකයා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම