"ත්‍රස්තවාදී සංවිධානයක්" ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව ද හවුති කණ්ඩායමෙන් ඇමරිකානු නෞකාවකට ප්‍රහාරයක්
2024-01-18 11:31:02
Share with:

ඇමරිකාව විසින් “ත්‍රස්තවාදී සංවිධානයක් ” ලෙසට යළි නම් කිරීමෙන් පසු හවුති සන්නද්ධ කණ්ඩායම ඇමරිකානු භාණ්ඩ නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි.

යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායම ඊයේ (17) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සිය කණ්ඩායම ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් සිදු කළ බවයි. එහෙත් එම පණිවුඩය කෙරෙහි ඇමරිකාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. 

හවුති සන්නද්ධ කණ්ඩායම “විශේෂයෙන් නම් කළ ගෝලීය ත්‍රස්වාදීන් ” ලෙසට යළි වර්ගීකරණය කරන බවත් දින 30 කට පසුව එම නියෝගය වලංගු වන බවත් ඊයේ ඇමරිකාව නිවේදනය කර ඇත. එහෙත් හවුති සන්නද්ධ කණ්ඩායම රතු මුහුදු ප්‍රදේශයේ ප්‍රහාර නතර කළහොත් ඇමරිකාව වහාම එම නියෝගය යළි සලකා බලනු ඇති බවද එහිදී ප්‍රකාශ කෙරිණ. ඉන් අනතුරුව හවුති සන්නද්ධ කණ්ඩායමේ ප්‍රකාශකයා සඳහන් කළේ එම ඇමරිකාවේ ඊනියා වර්ගීකරණයෙන් සිය කණ්ඩායම දරන පලස්තීනයට අනුබල දීමේ ස්ථාවරය වෙනස් නොවන බවයි. හවුති සන්නද්ධ කණ්ඩායම ඊශ්‍රායලයට අදාළ නෞකාවලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.‍

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම