ටෝගෝ ජනරජයේ ජනපති හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2024-01-18 10:05:34
Share with:

ටෝගෝ ජනරජයේ ජනාධිපති Faure Essozimna Gnassingbé මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා හමු වෙයි. හමුව ඊයේ(17) ටෝගෝවේ ලෝම් අගනුවර දී සිදු විය.

අප්‍රිකාවේ ආර්ථිකය වර්ධනය වී ඇති අතර, සුරක්ෂිත පරිසරයක් හා ජනතාවගේ සුබසෙත තහවුරු වී තිබෙන බව Faure Essozimna Gnassingbé මහතා එහිදී පෙන්වා දුන්නේ ය. චීනයේ දිගුකාලීන අවංක උපකාර ඊට බලපා ඇත. අප්‍රිකා-චීන සහයෝගිතාවල ප්‍රතිලාභියෙකු වන ටෝගෝ චීනය සම්බන්ධයෙන් ඇත්තේ සදාකාලින විශ්වාසයකි. දෙරට මිත්‍රත්වය අඛණ්ඩ ව උරුම කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට තම රට සූදානම් වන බව ද Faure Essozimna Gnassingbé මහතා සඳහන් කළේ ය.

උපායමාර්ගික වශයෙන් ටෝගෝ රාජ්‍යය සමග සම්බන්ධතා පවත්වමින් එහි තිරසර සංවර්ධනයට සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යවරයා පැවසීය. අප්‍රිකාව එක්ව එහි ස්වයං සංවර්ධනය වේගවත් කිරීමට චීනය අනුබලය සපයයි. චීන-අප්‍රිකා සහයෝගිතාවලින් ලබා ඇති ඉහළ ප්‍රතිලාභ ටෝගෝ හා අප්‍රිකාවේ සෙසු රටවලට හිමි කර දීම චීනයේ අපේක්ෂාවයි. එමෙන් ම, අප්‍රිකාව සමග එක්ව සිය සංවර්ධන අත්දැකීම් හා අවස්ථා බෙදා ගනිමින් චීනයේ හා අප්‍රිකාවේ සාමූහික නවීකරණය සාක්ෂාත් කර ගැනීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද චීන විදේශ අමාත්‍ය වං යී මහතා කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම