ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් අරඹන ලෙස ජගත් මහලේකම්වරයාගෙන් යළි ඉල්ලීමක්
2024-01-18 15:25:04
Share with:

ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ(17) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී යළිත් ඉල්ලා ඇත.

ඊශ්‍රායල සහ පලස්තීන ජනතාවට තිරසර සාමයක් උදා කර ගැනීම සඳහා "ද්වි-රාජ්‍ය විසඳුම" මත පදනම් වූ සාම ක්‍රියාවලියක් දියත් කළ යුතු බව Guterres මහතා පැවසීය. ඔහු ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේදී දේශනයක් පවත්වමින් මේ බව සඳහන් කර තිබේ.

දේශපාලන අස්ථාවරත්වය ආර්ථික අනාරක්ෂිත භාවය උග්‍ර කරන බවත් අසමානතාවය සහ අයුක්තිය තිරසර සංවර්ධනයට බරපතල බාධා ඇති කරන බවත් Guterres මහතා පැවසීය. බහු ධ්‍රැවීයත්වයේ නව යුගයේ භූ දේශපාලනික ආතතීන් සමඟ කටයුතු කිරීම සඳහා ගෝලීය පාලනයේ ගැඹුරු ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ඔහු අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම