දකුණු‍ කොරියාව , ඇමරිකාව හා ජපානය මුහුදු යුධ අභ්‍යාසයක් පවත්වයි
2024-01-18 14:24:07
Share with:

 දකුණු‍ කොරියා- ඇමරිකා- ජපාන ත්‍රෛපාර්ශ්වීය මුහුදු යුද අභ්‍යාසය පැවැත්වේ. 15වනදා සිට 17වනදා දක්වා පැවති යුද අභ්‍යාසයට ඇමරිකාවේ Carl Vinson ගුවන් යානා ප්‍රවාහන නෞකාවද එක්විය.

දකුණු කොරියානු හමුදා වෙබ් අඩවියේ වාර්තාවට අනුව දකුණු කොරියාවේ, ඇමරිකාවේ නාවික හමුදාව හා ජපානයේ ස්වයං ආරක්ෂක බලකාය, යුද නෞකා 9ක් Jeju දූපතට දකුණෙන් ඇති පොදු මුහුදු කලාපයේදී දින තුනක ඒකාබද්ධ යුද අභ්‍යාසය සිදු කර තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ එම රටවල් තුන විසින් ඒකාබද්ධව අලුත් දිගු කාලීන යුද අභ්‍යාස සැලැස්මක් සම්පාදනය කිරීමෙන් අනතුරුව පැවති ප්‍රථම ත්‍රෛපාර්ශ්වීය මුහුදු යුද අභ්‍යාසය මෙය වේ. දකුණු කොරියානු මාධ්‍ය වාර්තාවට අනුව සාමාන්‍යයෙන් තෙරට මුහුදු යුද අභ්‍යාසයකට යොදා ගෙන තිබුණේ යුද නෞකා පහක් පමණි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම