විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට
2024-01-17 16:26:14
Share with:

අනාගතවාදී දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට ස්විස්ටර්ලන්තයේ දී එක් වෙමිනි.

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම