චීන අගමැති සහ අයර්ලන්ත ජනාධිපතිවරයා අතර හමුවක්
2024-01-17 22:52:44
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා හා අයර්ලන්ත ජනාධිපති Michael D Higgins මහතා අද(17) අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර ජනාධිපති මන්දිරයේ දී හමු වූහ.

අයර්ලන්තය සමග අන්‍යෝන්‍ය ගරුත්වය හා එකිනෙකාට සමාන ලෙස සලකමින්, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 45 සංවත්සරය ද සංකේතවත් කරමින් දෙරටේ නායකයන්ගේ එකඟතාවන් තවදුරටත් ක්‍රියාවට නැංවීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ච්‍යා මහතා එහිදී පැවසීය. චීන-අයර්ලන්ත අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන උපායමාර්ගික හවුල්කාරිත්ව සබඳතාව තවදුරටත් ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. අයර්ලන්තය සමග ආර්ථික හා ආයෝජන, හරිත සංවර්ධන, විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කරමින් අධ්‍යාපන, සංස්කෘතික ඇතුළු මානව සබදතා ද ශක්තිමත් කරමින් දෙරටේ පුද්ගල සංචාර පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට ද චීනය කැමැත්තෙන් සිටී.

නිදහස් මෙන්ම විවෘත ජාත්‍යන්තර වෙළඳ පද්ධතිය, ‍‍ගෝලීය කාර්මික දාමය හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය දෙපාර්ශ්වය ඒකාබද්ධව රැක ගනිමින් ලෝකයට වඩාත් ස්ථීරභාවයකින් හා සක්‍රීය ජවයකින් එක් විය යුතු බව ද ලී ච්‍යං මහතා කියාසිටියේය.

අයර්ලන්ත චීන සබඳතාව යහපත් ලෙස වර්ධනය වෙමින් දෙපාර්ශ්වය තිරසරව අන්‍යෝන්‍ය අවබෝධයෙන්  හා එකිනෙකාට ගරු කරමින් සිටින බව අයර්ලන්ත ජනාධිපති Michael D Higgins මහතා ද එම හමුවේදී පැවසීය. චීනය සමග දේශගුණ විපර්යාසය, ආහාර සුරක්ෂිතභාවය හා තිරසර වර්ධනය ඇතුළු ගෝලීය අභියෝගවලට පොදුවේ ප්‍රතිචාර දක්වමින් දෙරටේ සබඳතාව අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට අයර්ලන්තය කැමැත්තෙන් සිටින බව ද Michael D Higgins මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම