තායිවාන ප්‍රශ්නයේ දී ගින්දර සමග ක්‍රීඩා නොකරන ලෙස‍‍ට චීනයෙන් පිලීපීනයට අනතුරු ඇඟවීමක්
2024-01-17 09:10:25
Share with:

තායිවාන ප්‍රශ්නයේ දී ගින්දර සමග ක්‍රීඩා නොකරන ලෙස‍‍ට චීනය පිලීපීනයට අනතුරු අඟවයි.

තායිවාන බෙදුම්වාදී බල‍වේගයන්ට වැරදි සංඥා නිකුත් කිරීමෙන් වළකින ලෙසට චීනය පිලිපීනයට‍ අවධාරණය කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය සඳහන් කරයි. පිලිපීන ජනාධිපතිවරයා තායිවාන ප්‍රදේශයේ Lai Ching-te වෙත සුබ පැතීම සම්බන්ධයෙන් කවර ප්‍රතිචාරයක් දක්වන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.

පිලිපීන ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව එකම චීනය මූලධර්මය සහ චීනය හා පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ දී එළඹි එකඟතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද මාඕ නිං මහත්මිය එහිදී පැවසුවාය. එය දේශපාලන  වශයෙන් පිලිපීනය චීනයට ලබාදී ඇති ප්‍රතිඥාවන් ද බරපතල ලෙස කඩ කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට පැහැදිලි ලෙසම මැදිහත්වීමකි.මේ සම්බන්ධයෙන් චීනය පිලිපීනයට දැඩි විරෝධය පළකර සිටින බවද මාඕ නිං මහත්මිය කියා සි‍ටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම