රටේ එක්සත්භාවය ඉටු කිරීම සමස්ත චීන ජාතියේ අභිමානය සුරැකීමක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරයි
2024-01-17 12:35:40
Share with:

රටේ එක්සත්භාවය ඉටු කිරීමෙන් පමණක්, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස තිරසර සාමය ඉටු කළ හැකි යැයි චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරයි.

එම කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා මහතා එසේ ප්‍රකාශ කළේ අද(17) පැවති මාධ්‍ය හමුවකදීය. රටේ එක්සත්වීම ඓතිහාසික අනිවාර්ය ප්‍රවණතාවක් බව ජනාධිපති ෂී ජින්පිං මහතා  2024 නව වසරට නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන අවබෝධ කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු කළ විමසීමක දී හෙතෙම මේ බව පැවසීය.

  සමස්ත චීන ජාතිකයින්ගේ පුනර්ජීවනය සැබෑ කර ගැනීමට යන ගමනේදී තායිවාන ස්වදේශිකයින්, මහාගොඩබිමේ ස්වදේශිකයින් එක්ව, දැවැන්ත රටක සාඩම්බරය හා කීර්තිය භුක්ති විඳිමින් ‘චීන ජාතිකයෙකු ලෙස හැඳින් වීමෙන් අභිමානවත් ලෙස සිටිනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. 

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ ජීවගුණය අනුගමනය කරමින් තායිවාන ස්වදේශිකයින් සමග සමගි වී එකම චීනය මූලධර්මය හා ‘1992 එකඟතාව’ මත බෙදුම්වාදීන් හා බාහිර මැදිහත්වීම්වලට දැඩි ලෙස විරුද්ධ වීමට ක්‍රියා කෙරෙනු ඇත. ඒ සමගම තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සහයෝගතාව හා සම්මිශ්‍රණ සංවර්ධනය වැඩිදියුණු කරමින් රටේ එක්සත්භාවය හා ජාතික පුනර්ජීවනය ඉටු කිරීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමය ප්‍රවර්ධනය කෙරෙනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම