රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තායිවාන සබඳතා අත්හැරීමටත් චීන සබඳතා යළි ඇරඹීමටත් නාවුරු ජනරජය ගත් තීරණයට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය
2024-01-17 17:47:17
Share with:

චීනය සමග පූර්ණ ලෙස රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීම පිළිබඳ තීරණය නාවුරු ජනරජයේ පාර්ලිමේන්තුව ඊයේ(16) සම්මත කළේ ය.

මෙම තීරණයට අනුව, නාවුරු ජනරජයේ පාර්ලිමේන්තුව ජාතික අවශ්‍යතා සහතික කිරීම එහි ප්‍රමුඛතාව ලෙස සලකයි. නාවුරු ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17(1) වගන්තිය‍ට ප්‍රකාරව නාවුරු රජය පසුගිය 15වැනිදා තායිවානය සමග ඊනියා "රාජ්‍යතාන්ත්‍රික සබඳතා" නවතා දමන බවට නිවේදනය කළේ ය. නාවුරු ජනරජය චීන මහජන සමූහාණ්ඩුව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ප්‍රතිෂ්ඨාපනය කිරීමට කැමැත්තෙන් සිටින අතර, එකම චීනය යන මූලධර්මය ද පිළිගනී. එසේම එක්සත් ජාතීන්ගේ 2758 යෝජනාවට අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ රජය සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්න බවත්, තායිවානය චීන භූමියෙන් කිසිදා වෙන් කළ නොහැකි කොටසක් ලෙස පිළිගන්නා බවත්, නාවුරු ජනරජය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම