කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනපති ලෙස යළි පත් වූ Félix-Antoine ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-01-17 17:06:53
Share with:

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ධූරයට යළි තේරී පත් වූ  Félix-Antoine Tshisekedi Tshilombo මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(17) සුභපැතුම් පණිවුඩයක් යොමු කරයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා චීනය, සාම්ප්‍රදායික මිතුදම හා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්ව සබඳතාවක් සහිත රටවල් බව ෂී ජින් පිං මහතා එම සුභපැතුම් පණිවුඩයේ සඳහන් කළේය. මෑත වසර කිහිපය තුළ දෙරට අතර ප්‍රායෝගික සහයෝගිතා ඉතා ඵලදායී ලෙස සිදුව ඇති අතර සාම්ප්‍රදායික මිතුදම අඛණ්ඩව ශක්තිමත් වී තිබේ. Félix-Antoine Tshisekedi Tshilombo මහතා සමග අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් කිරීම සහ දෙරටේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවේ අන්තර්ගතයන් වැඩි දියුණු කිරීම මගින් දෙරටේ සහයෝගිතා තුළ වඩාත් විශාල සංවර්ධනයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම