වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට – මුව ආවරණ පළඳින්න උපදෙස්
2024-01-17 16:25:35
Share with:

දිවයිනේ ප්‍රදේශ කිහිපයක‍ වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් පහළ අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටි ඇත.

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබුණි.

මෙම තත්ත්වය හේතුවෙන් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් එළමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම