චීන වෙළෙඳපොළ සමස්ත ලෝකයට අවදානමක් නොව වටිනා අවස්ථාවක් බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-01-17 19:58:45
Share with:

චීන වෙළෙඳපොළ තෝරා ගැනීම කිසිසේත්ම අවදානමක් නොව වටිනා අවස්ථාවකි. එමෙන්ම චීන වෙළෙඳපොළ වඩාත් පුළුල් ලෙස ඉදිරියේ දී විවෘත වනු ඇති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(17) මාධ්‍ය හමුවකදී පැවසුවා ය.  

චීන අගමැති Li Qiang මහතා ඩාවෝස් ලෝක ආර්ථික සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේදී විශේෂ දේශනයක් පවත්වමින් පෙන්වා දුන්නේ, වර්තමාන ලෝක ආර්ථිකය ඉතා සමීපව සම්බන්ධ වී ඇති බවයි. චීනය විශ්වාස කරනුයේ, වෙළඳාම සහ ආයෝජන ලිබරල්කරණය මෙන්ම පහසුකම් සැපයීම සහ සහයෝගීතාවයේ බැඳීම් දැඩි කිරීම මගින් පමණක් සියලු පාර්ශ්වයන්ගේ පොදු අවශ්‍යතා සැබෑ ලෙසම ඉටු කළ හැකි බවයි.

මේ පිළිබඳ විග්‍රහ කරමින් Mao Ning මහත්මිය අවධාරණය කළේ, ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස චීනය ලෝක ආර්ථික වර්ධනයට ලබා දෙන දායකත්වය මෑත වසරවලදී 30%ක පමණ ඉහළ අගයක පවතින බවයි. චීනය ගෝලීය සංවර්ධනයේ වැදගත් එන්ජිමකි. එමෙන්ම චීනය නොසැලී බාහිර ලෝකයට විවෘත වනු ඇති බවත්, චීනයේ අවස්ථා හුවමාරු කර ගැනීමට සහ ඒ ඒ රටවල් සමග එක්ව සංවර්ධනය ළඟා කර ගැනීම‍ට ලෝකයට ඉඩ ලැබෙනු ඇති බව ද ඇය සඳහන් ‍කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම