චීන අගමැතිගෙන් නව ප්‍රංශ අගමැතිට සුබ පැතුම්
2024-01-17 10:51:51
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා, නව ප්‍රංශ අගමැති Gabriel Attal මහතාට  සුබ ප්‍රාර්ථනා කරයි.

 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් වන චීනය හා ප්‍රංශය ස්වාධීන සම්ප්‍රදායන් සහිත දැවැන්ත රටවල් වන බව ලී ච්‍යං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සිහිපත් කරයි. මෑත වසරවල, දෙරට නායකයන්ගේ මෙහෙයවීම යටතේ විධිමත් ලෙස වර්ධනය වූ චීන-ප්‍රංශ සම්බන්ධතාවය විවිධ විපර්යාසවලින් පිරි ලෝකයට මනා නිශ්චිතතාවක් තිළිණ කිරීමට සමත් වී ඇත. එසේම, දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 60 වැනි සංවත්සරය මේ වසරට යෙදේ. ද්විපාර්ශ්වික සම්බන්ධතාව, සපුරාගත් ජයග්‍රහණ ඔස්සේ අනාගතය කරා නව ගමනක් ආරම්භ කර ඇත. දෙරටේ විවිධ ක්ෂේත්‍රවලට නව ජීවයක් ලබාදීම සඳහාත්, ස්ථාවර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත, ගවේෂණාත්මක මෙන්ම ධනාත්මක චීන-ප්‍රංශ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ සංවර්ධනය උදෙසාත්  Gabriel Attal අගමැතිවරයා සමග එක්ව ක්‍රියා කිරීමට තමා සූදානම් බව ලී ච්‍යං මහතා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම