නිල සංචාරයක් සඳහා චීන විදේශ ඇමතිවරයා ටෝගෝ රාජ්‍යයට
2024-01-17 11:01:02
Share with:

සැබෑ මිතුරන් තීරණාත්මක අවස්ථාවන්හි දී එකිනෙකාට සහයෝගය දක්වන බව චීන විදේශ ඇමති වං යී මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, තමා පිළිගැනීමට එරට ලෝම් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ටෝගෝ රාජ්‍යයේ විදේශ ඇමති Robert Dussey මහතා හමුවූ අවස්ථාවේ දී ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඊයේ (16) තම ටියුනීසියානු සංචාරය නිමවා ටෝගෝ රාජ්‍යයට ළඟා විය.

එකම චීනය මූලධර්මය තරයේ පිළිපදින ටෝගෝ රාජ්‍යය තායිවාන තත්ත්වය සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරයට සහාය දක්වන බව Robert Dussey මහතා, වං යී මහතා හමුවේ පැවසීය. ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවත්, සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය චීන මහජන සමූහාණ්ඩුවේ රජය බවත් ටෝගෝ රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් වන තායිවාන ප්‍රදේශයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කාර්යයක් වන බවත්, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ දී ටෝගෝ රාජ්‍යය චීනයට පූර්ණ සහය දක්වන බවත් Robert Dussey මහතා එහිදී කියාසිටියේය.

චීනයේ යුක්ති සහගත ස්ථාවරයට සහය දැක්වීම සම්බන්ධයෙන් ටෝගෝ රාජ්‍යයට ස්තුතිවන්ත වන බව චීන විදේශ ඇමතිවරයා එහිදී පැවසීය. ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා සහතික කරගැනීම සඳහා ටෝගෝවට ස්ථිර ලෙස සහාය දක්වන චීනය, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ ජාත්‍යන්තර සබඳතාවන් හි මූලික සම්මතයන් ඒකාබද්ධව ආරක්ෂා කිරීමට සූදානම් බව ද වං යී මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම