පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉරානයට එරට දැඩි විරෝධය
2024-01-17 10:10:29
Share with:

ඉරානය පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ජීවිත හානි සිදුකිරීම තරයේ හෙළාදකින බව  පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අද (17) අලුයම පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ, ඉරානය හේතු විරහිතව තම රටේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ළමුන් දෙදෙනෙකු මිය ගොස්, දැරියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාකිස්ථානයේ ස්වෛරීභාවය විනාශ කිරීමට කිසිසේත් ඉඩ තැබිය නොහැකි බවත්, ඉන් බරපතල ප්‍රතිවිපාක හටගනු ඇති බවත් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයේ දැක්වේ.

මේ පිළිබඳව පාකිස්ථාන පාර්ශ්වය ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැඩි විරෝධය පළ කර තිබේ. එසේම, පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය එරට වැඩබලන ඉරාන තානාපතිවරයා කැඳවා ඉරානය මෙලෙස තම රටේ ස්වෛරීත්වය දැඩි ලෙස උල්ලංඝනය කිරීම තරයේ හෙළාදැක ඇත.

ත්‍රස්තවාදය එම කලාපයේ සියලුම රටවල් මුහුණ දෙන පොදු තර්ජනයක් බව පාකිස්ථානය සෑමවිටම විශ්වාස කරන බවත්, ඊට මුහුණ දීම සඳහා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් එම ප්‍රකාශයේ දැක්වේ. යහපත් අසල්වැසි හා මිත්‍රශීලී සබඳතාවලට නොගැලපෙන මෙවැනි ක්‍රියා දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය විශ්වාසය බරපතල ලෙස පළුදු කරන බව ද පාකිස්ථානය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම