2023 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම වසරින් වසර සියයට 5.2ක වර්ධනයක්
2024-01-17 11:27:20
Share with:

චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 2023 දී පෙර වසරට සාපේක්ෂව සියයට 5.2 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(17) වාර්තා කළේය. රටේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.06ක් පමණ වාර්තාවක් කරා ළඟා වූ බව එම දත්ත පෙන්වා දෙයි.

වැදගත් ආර්ථික දර්ශකයක් වන කාර්මික නිමැවුම් හි එකතු කළ අගය 2023 දී වසරින් වසර සියයට 4.6 කින් ඉහළ ගොස් ඇත.

චීනයේ ඒක පුද්ගල වැය ශේෂ ආදායම 2023 දී යුවාන් 39,218 ක් (ඇ.ඩො 5,511 ක් පමණ) වූ අතර එය නාමික වශයෙන් පෙර වසරට සාපේක්ෂව සියයට 6.3 කින් වැඩි වී තිබේ.

රටේ පරිභෝජන ශක්තියේ ප්‍රධාන දර්ශකයක් වන චීනයේ පාරිභෝගික භාණ්ඩවල සිල්ලර විකුණුම් 2023 දී වසරින් වසර සියයට 7.2 කින් ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම