IMF නියෝජිතයින් හා මෙරට බලධාරීන් අද තවත් සාකච්ඡාවක
2024-01-16 17:22:22
Share with:

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (16) සිට ආරම්භවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

06 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස, විදුලිබල මණ්ඩලය, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගැනීමට අදාළව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ඔවුන් පසුගිය දා ජනාධිපතිවරයා හමූ වී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළහ. මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 19 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම