රාජ්‍ය ණය කළමනාකරණය ස්වාධීන ආයතනයකට පැවරීමේ නව පනත මාර්තුවේ පාර්ලිමේන්තුවට
2024-01-16 17:14:19
Share with:

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ වෙනස්කමක් සිදු කරමින් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය යටතේ වෙනත් ස්වාධීන ආයතනයක් පිහිටුවා සිදු කිරීමට රජය සැලසුම් කොට තිබේ. මෙම නව ආයතනය පිහිටුවීමේ අරමුණ මහ බැංකුවෙන් බැහැරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩාත් ස්වාධීනව සිදු කිරීමට ඉඩකඩ ලබාදීමය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය මඟින් දැනටමත් නව ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලියට අවශ්‍ය පනත සම්පාදනය කරමින් සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටියේ දැනට සකස් කරමින් සිටින පනත මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි. ඊට අමතරව එම පනත ප්‍රකාරව නව ආයතනය මේ වසර අවසානයට පෙර ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම