ටියුනීසියානු ජනපති සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2024-01-16 10:30:02
Share with:

ටියුනීසියානු ජනාධිපති Kais Saied මහතා චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා හමු වේ. එම හමුව ඊයේ(15) ටියුනිස් අගනුවරදී පැවැත්විණ.

ජනාධිපති ෂී ජින්පිං මහතාගේ රාජ්‍ය පාලන චින්තනය ඉතා ඉහළින් පිළිගන්නා බවත්, නවීකරණ සංවර්ධනය පිළිබඳ චීනය ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ බෙහෙවින් අගය කරන බවත් Kais Saied මහතා පැවසීය. ටියුනීසියාව "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධ ගොඩනැගීමට සක්‍රීයව දායක වන අතර චීනයේ සාර්ථක අත්දැකීම්වලින් ඉගෙන ටියුනීසියානු ලක්ෂණ සහිත නවීකරණය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම එහදී සඳහන් කළේ ය. ටියුනීසියාව එකම චීනය මූලධර්මයට අනුගත වන අතර චීනයේ සියලු භූමි ප්‍රදේශයන්හි ස්වෛරීභාවය ක්‍රියාත්මක කිරීම සඳහා චීනයට සහාය දක්වන බව ද ඔහු පැවසීය.

Wang Yi මහතා සඳහන් කළේ වසර 60 කට පෙර චීනය සහ ටියුනීසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ අතර විධිමත් හා ස්ථාවර ලෙස එම සබඳතා වර්ධනය වී ඇති බවයි. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, දෙරටේ සංවර්ධනය හා පුනර්ජීවය වේගවත් කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා කියා සිටියේ ය. ටියුනීසියාව සමඟ සහයෝගීතාවය ශක්තිමත් කර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනා කරන ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරීම ක්‍රියාත්මක කරමින් සාධාරණ හා ක්‍රමවත් ලෝක බහුධ්‍රැවීයතාවක් සහ ආර්ථික ගෝලීයකරණයක් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද  Wang Yi මහතා සඳහන් කළේය .

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම