පාර්ලිමේන්තු සභාවාරය 24 වනදා වාර අවසාන කෙරේ
2024-01-16 17:15:37
Share with:

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වනදා සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 07 වනදා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් යළි විවෘත කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව මෙම මස 23 සහ 24 යන දිනවල අවසන් වරට රැස්වනු ඇත. ඒ අනුව 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට නියමිතය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන් වේ. පාර්ලිමේන්තුව අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස 27 වනදා වාර අවසාන කෙරුණු අතර එලෙස අවසන් කෙරු‍ණේ 09වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම