2024 Boao ආසියානු වාර්ෂික සමුළුව ලබන මාර්තු 26 ඇරඹේ
2024-01-16 17:31:39
Share with:

Boao ආසියානු සංසදය අද (16) සවස මාධ්‍ය හමුවක් පැවැත්විණ. එම සංසදයේ මහලේකම් Li Baodong මහතා එහිදී පෙන්වා දුන්නේ, 2024 Boao ආසියානු වාර්ෂික සමුළුව ලබන මාර්තු 26 වැනිදා සිට 29 වැනිදා දක්වා චීනයේ Hainan පළාතේ Boao හිදී පැවැත්වීමට නියමිත බවයි. වාර්ෂික සමුළුව සඳහා සූදානම් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රමවත්ව හා විධිමත්ව සිදුවෙමින් පවතී. “ආසියාව හා ‍ලෝකය: පොදු අභියෝග හා පොදු වගකීම්” යන්න මෙවර වාර්ෂික සමුළුවේ තේමාව බව Li Baodong මහතා පැවසීය. මෙවර වාර්ෂික සමුළුවේ දී, ලෝක ආර්ථිකය, තාක්ෂණික නවෝත්පාදන, සමාජ සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය යන ප්‍රධාන කොටස් හතරක් යටතේ මාතෘකා දහයක් පිළිබඳ අවධානය යොමු කෙරෙන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම