ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නංවන ලෙස ජගත් මහලේකම් යළිත් ඉල්ලයි
2024-01-16 11:05:59
Share with:

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ සටන් විරාමයකට කඩිනමින් එළඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා යළිත් ඉල්ලා සිටී.

එම ගැටුම හටගෙන දින 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ (15) නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම ඒ බව පැවසීය.

කිසිදු කොන්දේසියකින් තොරව රඳවාගෙන සිටින පුද්ගලයන් වහා නිදහස් කරන ලෙස ද António Guterres මහතා සිය නිවේදනයෙන් ඉල්ලා සිටී. සැලසුම් සහගත අයුරින් සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම හා පැහැර ගැනීම හෝ ඔවුන් ඉලක්ක කර රොකට් මිසයිල ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියා කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන මෙම විශාල පරිමාණ විනාශකාරී ප්‍රහාර හා සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම වැනි ක්‍රියා තමා ජගත් මහලේකම් ධුරය හෙබවූ කාලය තුළ මෙතෙක් කිසිදා නොදුටු බව ද  António Guterres මහතා සඳහන් කර තිබේ.

එසේ ම, ගාසා තීරයේ තත්ත්වය හේතුවෙන් ලොවට එල්ලවන සෙසු අනිසි බලපෑම් පිළිබඳව ද හෙතෙම සිය කණස්සල්ල පළ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම