නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන හතර ඉක්මවූ පළමු රට බවට චීනය පත්වේ
2024-01-16 19:47:32
Share with:

2023 වසර අවසානය වන විට චීනයේ නව නිපැයුම් ක්ෂේත්‍රයේ පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 40 ලක්ෂ 15 දහසක් බව චීන ජාතික බුද්ධිමය දේපළ අයිතීන් පිළිබඳ දෙපාර්තමේන්තුව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ දී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.එම සංඛ්‍යාව 2022 වසරට සාපේක්ෂව 22.4%ක වර්ධනයකි. ඒ අනුව මේ වන විට ලෝකයේ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන හතර ඉක්මවූ පළමු රට බවට චීනය පත්ව ඇත. එම නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර අතරින් 40%කට වැඩි ප්‍රමාණයක් උසස් ගුණාත්මකභාවයෙන් යුක්ත වීම ද විශේෂත්වයකි. බුද්ධිමය දේපළ අයිතීන් සම්බන්ධයෙන් චීනය ‍ලොව ප්‍රබල රටක් බව මෙමගින් පිළිබිඹු වනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම