රිපබ්ලිකන් ජනපති අපේක්ෂකයා තේරීමේ අයෝවා ප්‍රාන්ත ඡන්ද විමසීමෙන් ට්‍රම්ප් ජය ගන්නා බව ඇමරිකා මාධ්‍ය පුරෝකථනය කරයි
2024-01-16 18:50:27
Share with:

2024 ඇමරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා තේරීමේ ප්‍රාන්ත ඡන්ද විමසීම ඊයේ (15) දැඩි ශීත කාලගුණය මධ්‍යයේ අයෝවා ප්‍රාන්තයෙන් ඇරඹිණ. 

ජනාධිපතිවරණ තරඟයේ ඉදිරියෙන්ම සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අයෝවා ප්‍රාන්තයේ රිපබ්ලිකන් බල මණ්ඩලයේ ඡන්දය ජයග්‍රහණය කරනු ඇතැයි ඇමරිකා මාධ්‍ය ආයතන කිහිපයක් මේ වනවිටත් පුරෝකථනය කර තිබේ. CBS News, NBC News, the Associated Press, Fox News සහ CNN වැනි මාධ්‍ය ආයතන ඒ අතර වේ. 

අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු හතරක් තිබුන ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පක්ෂයේ ජයග්‍රාහී ගමන්මග තීරණය කරනු ඇති බව CBS පුවත් සේවය වාර්තා කළේය.  එමෙන්ම CNN වාර්තා කළේ අයෝවා ප්‍රාන්තයේ මෙම ජයග්‍රහණය රිපබ්ලිකන් පක්ෂය පෙරමුණේ සිටින බව තහවුරු කරන බවයි. 

දකුණු කැරොලිනා හි හිටපු ආණ්ඩුකාරවරිය සහ එක්සත් ජාතීන්ගේ තානාපතිනි Nikki Haley සහ ෆ්ලොරිඩා ආණ්ඩුකාර Ron DeSantis හිටපු ජනාධිපතිවරයාට තියුණු තරගයක් ලබා දෙමින් අයෝවා ප්‍රාන්ත අපේක්ෂකත්වයට තරග කරන බව ද වාර්තා වේ. 

රිපබ්ලිකන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තීරණය කිරීමේ පළමු මත විමසුම ලෙස අයෝවා ප්‍රාන්ත ඡන්දය සියලු පාර්ශ්වයන්ගේ සමීප අවධානයට යොමු වනු ඇත.

 

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම