අසීරුතා අභිබවමින් සාර්ථක ඉදිරි ගමනක නිරතවන චීනයේ ධෛර්යවන්තභාවය ලොවට ආදර්ශයක්
2024-01-15 09:36:56
Share with:

රටකට සමාජයකට හෝ කිසියම් කාර්යභාරයක නායකත්වය යනු ප්‍රබල සහ වටිනාම සාධකයකි. නායකත්වය සෘජු ධනාත්මක වන තරමට අරමුණු හා ඉලක්ක කරා යාමේ මාර්ගය සපලදායි සහ පහසු ගමන් මගක් වනු ඇත. චීන ජනාධිපති  ෂි ජින් පිං මහතා සිය නව  වසරේ සුභ පැතුම් පණිවිඩයෙන් චීන වැසියන්ට මෙන්ම ලෝකවාසීන්ට කරන ලද ආමන්ත්‍රණය එවැනි නායකත්වයේ විසල් ගුණාංග සියල්ලම පිළිබිඹු වන අවස්ථාවක් වශයෙන් හඳුනාගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යානාංශයේ මහාචාර්ය ටී. එල්. සජීවනි මහත්මිය පවසයි. එම පණිවිඩයේ සඳහන් අනාගතය පිළිබඳව දක්වන දැඩි විශ්වාසය විශේෂයෙන් පැවසිය යුතුය. ඉන් රටක් ලෙසට ඇති ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය වඩාත් ඉස්මතු කෙරේ. ප්‍රබල ස්ව ශක්තියෙන් චීනය ඉදිරියට යන ගමන‍ ලොව සංවර්ධනය වෙමින් පවතින රටවලට මනා ආදර්ශයක් යැයිද මහාචාර්යවරිය පෙන්වා දෙයි.  ශ්‍රී ලාංකීය අපට ද  එය පූර්වාදර්ශයක් සපයන්නේය. ශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය සියලු දක්ෂතා අප සතුය. යම් යම් අවස්ථා සඳහා අවශ්‍ය යෙදවුම් සහ දිරිගැන්වීම් බලගැන්වීම් ලැබුනේ නම් ශ්‍රී ලංකා ආර්ථිකය මෙවන් දුෂ්කර තත්ත්වයකට මුහුණ නොදෙනු ඇතැයි ඇය කියා සිටී. චීන ජනාධිපතිවරයා සිය අළුත් අවුරුදු සුබ පැතුමේ සඳහන් කළ තවත් වැදගත් කරුණක් නම් ධෛර්යවන්ත නිර්මාණශීලීභාවයයි. මෙය සමස්ත ලෝකයටම මෙය වැදගත් කරුණකි. නිර්මාණකරුවා ධෛර්ය සම්පන්න විය යුතුය. ධෛර්යය  නොමැතිව නිර්මාණ කළ නොහැකිය. නිර්මාණ බිහි කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවේ. චීනය එවන් අසීරුතා අභිබවමින් සාර්ථක ඉදිරි ගමනක නිරතවන්නේ එම ධෛර්යවන්තභාවය හේතුවෙන් යැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යානාංශයේ මහාචාර්ය ටී. එල්. සජීවනි මහත්මිය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම