නව වසරේ ඇරඹුමත් සමග චීනය ගෝලීය ආර්ථික වෙළඳපොලට නව බලාපොරොත්තු එක් කරයි
2024-01-15 17:03:42
Share with:

ගෝලීය වශයෙන් සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අර්බුද රැසකට මුහුණ පා සිටින වර්තමානයේ එම අභියෝග මතින් තවත් වසරක් උදා වී තිබේ. 2024 වසර පිළිබඳ සියළු දෙනාගේ අපේක්ෂාව වී ඇත්තේ තමන් මුහුණ දී සිටින ගැටළුවලින් යම් ආකාරයක සහනයක් උදා කර ගැනීමයි. ඒ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් වීමට නිෂ්පාදනයෙන්, අපනයනයෙන් සහ වෙළඳ සබඳතා ඔස්සේ ජයග්‍රණය කරා පියනඟන සංවර්ධිත මාවතේ ඉදිරියට යන රටවල් ගෝලීය ආර්ථික ශක්තියට ලබා දෙන පුනරුදය ඉතා වැදගත්ය. එම දෘෂ්ටිකෝණයෙන් බලන විට චීනය ආසියාව තුළ මෙන්ම ගෝලීය ආර්ථික වෙළඳපොල තුළ බලාපොරොත්තු තැබිය හැකි ප්‍රධානම රටක් බව චරණ රූපවාහිනී නාලිකාවේ හිටපු වැඩසටහන් කළමණාකරු වජිර ජයවර්ධන මහතා පැවසීය.

පසුගිය සිව් අවුරුදු කාලය තුළ ලොව ආර්ථිකයේ ඇති වූ කඩාවැටීම් මධ්‍යයේ නැවත ඉතා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත් වීමට චීනයට හැකි විය. චීනයේ ආර්ථික වර්ධනය ‍ක්‍රමයෙන් යථාවත් වන විට එය සමස්ථ ගෝලීය වෙළඳපොල යළි පිබිදීමට හේතුවක් වී තිබේ. අනාදිමත් කාලයක පටන් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය හේතුවෙන් චීනයේ මෙම සංවර්ධිත ගමන් මග පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම මෙරට ජනතාවට ද වැදගත් වන බව ජයවර්ධන මහතා සඳහන් කළේය.

නව වසර උදාවත්ම චීන ජනපති ෂී ජින්පිං මහතා සියළු ලෝ වැසියන් වෙත සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විවිධ අභියෝග හා දුෂ්කරතාවන්ට ‍ඔරොත්තු දෙමින් චීන ආර්ථිකය තව තවත් ශක්තිමත් වී ඇති බවයි. නව වසරේ බලාපොරොත්තු ලෙස නවීන කාර්මික පද්ධතිය නඟා සිටුවීම, සුහුරු හා හරිත කර්මාන්ත සංවර්ධනය තව දුරටත් පුළුල් කිරීමට චීනය සැලසුම් කර ඇත. රටේ ධාන්‍ය නිෂ්පාදනය තවදුරටත් සුරක්ෂිත කිරීමටත් නව සංවර්ධන ව්‍යුහය ගොඩනැංවීම වේගවත් කරමින් අධි ගුණාත්මක සංවර්ධනය තහවුරු කර සංවර්ධන සුරක්ෂිතභාවය මනාව සංයෝග කිරීමේත් අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දී තිබේ. චීනය ලබා ගන්නා ජයග්‍රහණ ලෝකය සමග බෙදා ගැනීමේ සංකල්පයේ රැඳී සිටී. සාමකාමී සංවර්ධනය මෙන් ම සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ හිමි කර ගැනීමේ නොවෙනස් තේමාවෙන් චීනය 2024 වසර ආරම්භ කරයි. සිය රට සහ රටවැසියන් වෙත ලබා දෙන ජීවන යහපැවැත්ම, සංවර්ධනය පිළිබඳව චීන ජනපතිවරයාගේ සුබපැතුම් පණිවිඩයෙන් ඉතා සුබවාදී බලාපොරොත්තු ජනිත  වන බව වජිර ජයවර්ධන මහතා කියා සිටී.

චීනය ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය සනිටුහන් කිරීමේ අභිමානවත් වසර 2024යි. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවමින් සංවර්ධනය පිළිබඳ ආත්ම විශ්වාසය තවදුරටත් ඉහළ නංවා චීනයට අනන්‍ය වූ නවීකරණ මාවතක ඔවුන් ගමන් කරමින් සිටී. ජනතාවගේ සුබසෙත කේන්ද්‍ර කර ගනිමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමේ දැවැන්ත ඉලක්ක හඹා යන චීනයේ සමෘද්ධිමත් සංවර්ධනයේ ප්‍රතිලාභ කලාපීය සහ ගෝලීය වශයෙන් සමස්ථ මානව වර්ගයා වෙතම හිමිවනු ඇති අතර නව වසර චීනයට එම අරමුණු ඉටුකරගත හැකි වසරක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව චරණ රූපාවාහිනී නාලිකාවේ හිටපු වැඩසටහන් කළමණාකරු වජිර ජයවර්ධන මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම