දිවයිනට පැමිණි IMF නිලධාරීන් කණ්ඩායම උතුරේ සංචාරයක
2024-01-15 21:04:38
Share with:

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වී ඇත. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබද කරුණු විමසා තිබේ.

උතුරේ වැසියන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයින්ට නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇත්තේ අතීතයේ ක්‍රියාත්මක වූ අවිධිමත් බදු ප්‍රතිපත්ති හේතුවෙන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇත. නව බදු ප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටී නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාව ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම නියෝජිත කණ්ඩායම ලබන 19 වැනිදා දක්වා මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ නිළධාරීන්, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා පැවැත්වීම‍ට ද නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම