ජනපති – අගමැති – විපක්ෂ නායකගෙන් තෛපොංගල් සැමරුමට සුබ පැතුම්
2024-01-15 21:06:59
Share with:

වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නඟා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

තෛයිපොංගල් දිනය කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියමින් සාමය, එකමුතුකම ආදී  සාරධර්මයන් මූර්තිමත් කරන දිනයක් බව සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා ද සඳහන් කරයි. මිනිසා හා ස්වභාව ධර්මය අතර ඇති අන්‍යෝන්‍ය බැඳීමට කෘතගුණ සැලකීමේ මහඟු‍ අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බව සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම