තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කිරීමේ නාවුරු ජනරජයේ තීරණයට චීනයෙන් පැසසුම්
2024-01-15 17:27:37
Share with:

එකම චීනය මූලධර්මය පිළිගනිමින් තායිවානය සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කිරීමට සහ චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට නාවුරු ජනරජය තීරණය කරයි. එම තීරණය අගය කරන අතර නව සබඳතා ස්ථාපිත කිරීම පිළිගන්නා බව ද චීන විදේශ අමාත්‍යාංශය අද(15) ප්‍රකාශ කළේය. 

ලොව තුළ පවතින්නේ එක් චීනයක් පමණක් බවත්, තායිවානය චීන භූමියෙන් කිසිදා වෙන් කළ නොහැකි බවත් නාවුරු ජනරජය සිය නිවේදනයේ සඳහන් කර ඇත. චීන තායිවානය ඇතුළු සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය මහජන චීන සමූහාණ්ඩුවේ රජය බව ද එමගින් අවධාරණය කර තිබේ. එමෙන්ම නාවුරු ජනරජය තවදුරටත් තායිවානය සමග කිසිදු නිල සබඳතා හෝ නිල හුවමාරුවක් නොපවත්වන බව ද අවධාරණය කර ඇත. 

මෙය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2758 යන යෝජනාවෙන් තහවුරු කර ඇති අතර එය ජාත්‍යන්තර ප්‍රජාව අතර පවතින පොදු සම්මුතියක් බව ද චීන විදේශ අමාත්‍යාංශය යළි සඳහන් කර ඇත. 

චීනය මේ වනවිට රටවල් 182ක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගෙන ඇත්තේ එකම චීනය යන මූලධර්මය මතය. නාවුරු ජනරජයේ රජය ගත් මෙම තීරණයෙන් යළි සනාථ වනුයේ එකම චීනය මූලධර්මය යනු ගෝලීය පොදු මතය සහ ඉතිහාසයේ තීරණාත්මක හැරවුම බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම