ඩෙන්මාර්කයේ නව රජුට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-01-15 10:57:40
Share with:

ඩෙන්මාර්කයේ සිහසුනට පත් දසවැනි Frederik රජුට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ ප්‍රාර්ථනා කරයි. එම සුබ පැතුම් පණිවිඩය ඊයේ (14) යොමුකෙරිණ.

වසර 74 කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු චීන - ඩෙන්මාර්ක සම්බන්ධතා මනා ප්‍රගතියක් ලබා ඇති බවත්, විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාවයෙන් ඵලදායී ප්‍රතිඵල හිමි ව ඇති බවත් ෂී ජින් පිං මහතා පවසයි. චීන-ඩෙන්මාර්ක සබඳතා වර්ධනයට ඉහළ වැදගත්කමක් ලබා දෙන තමා, දෙරට උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට රැගෙන යාම සහ දෙරට ජනතාවට ඉහළ ප්‍රතිලාභ අත්කර දීම සඳහා දසවැනි Frederik රජු සමඟ එක්ව ක්‍රියාකිරීමට සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ෂී ජින් පිං මහතා, ඩෙන්මාර්කයේ හිටපු දෙවැනි Margrethe රැජිනට ද සුබ පැතුම් පණිවිඩයක් එදින ම යවා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම