තායිවානයේ තත්ත්වය පිළිබඳ චීනයේ නොසැලෙන ස්ථාවරය චීන විදේශ ඇමති විග්‍රහ කරයි
2024-01-15 10:15:51
Share with:

ඊජිප්තුවේ සංචාරයක නිරතව සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා, ඊජිප්තු විදේශ අමාත්‍ය Sameh Shoukry මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙයි. ඒ, කයිරෝ අගනුවර ඊයේ (14) පැවති සාකච්ඡාවකින් අනතුරුව යි.

තායිවානයේ මැතිවරණය චීනයේ දේශීය කටයුත්තක් බව Wang Yi මහතා එහිදී පැවසීය. මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත්,‘ලොව ඇත්තේ එකම චීනයකි, තායිවානය යනු චීනයේ කොටසකි’ යන මූලික සත්‍යය වෙනස් නොවනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය. එසේම, එකම චීනය මූලධර්මය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු එකඟතාව වෙනස් නොවන බව ද Wang Yi මහතා පැවසීය.

තායිවානය කිසි දිනෙක වෙනම රටක් ලෙස නොපැවතුණු බවත්, අනාගතයේ දීත් එය සිදුනොවන බවත් Wang Yi මහතා තරයේ කියාසිටියේය. “තායිවානය බෙදා වෙන්කිරීම” කිසිදාක සාර්ථක විය නොහැකි බවත්, අතීතයේ දී මෙන්ම අනාගතයේ දීත් එම ප්‍රයත්න කිසිසේත් ජය නොලබන බවත් හෙතෙම පැවසීය. “තායිවාන බෙදුම්වාදය” හඹා යමින් චීන භූමිය බෙදා වෙන්කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට ඉතිහාසයෙන් මෙන්ම නීතියෙන් ද දැඩි දඬුවම් හිමිවනු ඇත.

ජාත්‍යන්තර ප්‍රජාව තුළ එකම චීනය යන මූලධර්මය කඩ කරන ඕනෑම අයෙකු චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් චීනයේ ස්වෛරීභාවයට බාධා කරන්නන් වන අතර, ඔවුන් නිසැකවම සමස්ත චීන ජනතාවගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධයට ලක්වනු ඇති බව ද Wang Yi මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම