චීනය Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය නුදුරේ දීම ගුවන්ගත කිරීමේ සූදානමක්
2024-01-15 20:22:24
Share with:

චීනය Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට සූදානම් වේ. අද (15) එම අභ්‍යවකාශ යානය සහ Long March-7 Y8 ප්‍රවාහන රොකට්ටුවේ එකතුව Wenchang අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන යනු ලැබිණ. දැනට දකුණු චීනයේ හයි නැන් පළාතේ පිහිටි Wenchang අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ අදාළ පහසුකම් යහපත් තත්ත්වයේ පවතී. Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට පෙර එහි පහසුකම්වල ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඒකාබද්ධ පරීක්ෂණ ක්‍රියාවලියක් ද සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම