චීන අගමැති සහ ස්විට්සර්ලන්ත නායිකාව අතර හමුවක්
2024-01-15 09:51:00
Share with:

වඩාත් ප්‍රායෝගික ප්‍රතිඵල උදෙසා, විවිධ ක්ෂේත්‍රයන් හි ස්විට්සර්ලන්තය සමග පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානම් බව චීන අගමැති Li Qiang මහතා පවසයි.

ස්විට්සර්ලන්ත නායිකා Viola Amherd මහත්මිය සමග ඊයේ (14) පැවැත්වූ සුහද සංවාදයක දී ඔහු මේ බව කියාසිටියේය. එය පැවැත්වුණේ සූරිච් 

නගරයේ සිට එරට අගනුවර වන බර්න් දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක් තුළ දී ය. ස්විට්සර්ලන්ත නිල සංචාරයට එක් වූ චීන අගමැතිවරයා Amherd මහත්මිය විසින් හරසරින් පිළිගනු ලැබීය.

චීනය පිළිගත් පළමු බටහිර රටවල් අතරින් එකක් වන ස්විට්සර්ලන්තය සහ චීනය අතර දිගුකාලීන මිත්‍රශීලී සහයෝගිතාවක් පවතින බව චීන අගමැතිවරයා මෙහිදී පැවසීය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්විට්සර්ලන්තයේ ප්‍රබල නවෝත්පාදන හැකියාව සහ උසස් තත්ත්වයේ "ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත" ලී ච්‍යං මහතාගේ පැසසුමට ලක්විය.

 වර්තමානයේ උසස් තත්ත්වයේ සංවර්ධනයක් සමග චීන මාදිලියේ නවීකරණය ඔස්සේ ඉදිරියට යමින් සිටින චීනය, ස්විට්සර්ලන්තය සමග අන්තර් හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයන වැඩිදියුණු කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය. 2025 වසරේ දී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය, ප්‍රාදේශීය මට්ටමින් සහ දෙරට ජනතාව අතර මිත්‍ර සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙස ගෙන ක්‍රියා කළ යුතු බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

දුම්රිය චාරිකාව අතරතුර, ස්විට්සර්ලන්ත නායිකා Viola Amherd මහත්මිය වත්මන් දේශීය තත්ත්ව සහ මග දී හමුවන විවිධ ප්‍රාන්තවල සිරිත් විරිත් ද අගමැතිවරයා හමුවේ විග්‍රහ කළාය.

එකිනෙකා කෙරෙහි මිත්‍රශීලී හැඟීම් සහිත දෙරටට සහයෝගිතාව පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති බව ඇය සඳහන් කළාය. බොහෝ ස්විට්සර්ලන්ත සමාගම් චීනයේ ආයෝජන සහ සංවර්ධනය එක් ව සිටී. චීන වෙළඳපොළ තුළ ඔවුන්ගේ පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමට තමා සූදානම් බව ද  Amherd මහත්මිය කියාසිටියාය.

විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන, හරිත සංවර්ධනය, සංස්කෘතිය හා බැඳුණු සංචාරක ව්‍යාපාරය සහ ශීත ඍතු ක්‍රීඩා යන විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කෙරෙහි ද දෙපාර්ශ්වයේ අවධානය යොමුවිය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම