චීනයෙන් සහ ඊජිප්තුවෙන් පලස්තීන ප්‍රශ්න පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක්
2024-01-15 17:19:44
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා ඊයේ(14) Cairo හිදී ඊජිප්තු විදේශ ඇමති Sameh Hassan Shoukry මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්විය.

ගාසා තීරයේ අර්බුදය ඇතුළු පලස්තීන ප්‍රශ්න හා පලස්තීන-ඊශ්‍රායල ගැටුම් පිළිබඳව, දෙපාර්ශ්වයම එහිදී අදහස් හුවමාරු කර ගනිමින් එකඟතා කිහිපයකට එළඹ තිබේ. සම්පූර්ණ සටන් විරාමයක් වහාම ආරම්භ කළ යුතු අතර, සියලුම ප්‍රචණ්ඩත්වයන් සහ ඝාතන මෙන්ම, සිවිල් වැසියන්ට සහ සිවිල් පහසුකම්වලට පහර දීම නැවැත්විය යුතුය යන්න එම එකඟතාවන් ය. ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර පරිත්‍යාගශීලින්, පලස්තීන ජාතික බලායතනයට සියලු ආකාරයෙන් සහයෝගය ලබා දෙන ලෙස ද එහිදී ඉල්ලීමක් කර ඇත. රතු මුහුදේ තත්ත්වය වර්ධනය වීම කෙරෙහි ද දෙපාර්ශ්වය වැඩි අවධානයක් යොමු කර ඇති අතර එය ගාසා තීරයේ තත්ත්වය සමඟ ඒකාබද්ධව සලකා බැලිය යුතුය. ජාත්‍යන්තර ප්‍රජාව සිය වගකීමට උරදී, එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව "ද්වි-රාජ්‍ය විසඳුම" පිළිබඳ දැක්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුතු ය. එසේම මෙමගින් පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාමය මෙන්ම, දෙරටේ ජතනාව අතර සාමකාමී සහජීවනය සඳහා දේශපාලන අපේක්ෂාවන් සපයා දිය යුතු ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම