නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක්
2024-01-15 21:05:45
Share with:

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. මෙම වසර අවසන් වනවිට අදාළ ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

රට පුරා ඇති අඩු පහසුකම් සහිත නගර හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කොට එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීමේ අරමුණින් සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණේ 2021 වසරේදී ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම