සංවර්ධිත ආර්ථිකයන්හි රැකියාවලින් 60% කට කෘත්‍රිම බුද්ධිය බලපානු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
2024-01-15 10:17:38
Share with:

සංවර්ධිත ආර්ථිකයන්හි රැකියාවලින් 60% කට කෘත්‍රිම බුද්ධිය බලපානු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය පවසයි.

ඊයේ පැවති (14) මාධ්‍ය හමුවක දී ඇය මේ බව පැවසුවාය.

ඉහළ සංවර්ධිත ආර්ථිකයන් සහ ඇතැම් නැගී එන වෙළඳපොළවල රැකියාවලින් 60% කට කෘත්‍රිම බුද්ධිය බලපානු ඇති අතර, සමස්ත නැගී එන වෙළඳපොළවල් සඳහා එම බලපෑම 40% ක් පමණ වනු ඇත. එසේම, අඩු ආදායම්ලාභී රටවලට කෘත්‍රිම බුද්ධිය 26% කින් පමණ බලපානු ඇතැයි ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (14) නිකුත් කළ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වාර්තාව උපුටා දක්වමිනි.

සමස්ත වශයෙන් ගෝලීය රැකියා අවස්ථාවලින් 40% කට ආසන්න ප්‍රමාණයට කෘත්‍රිම බුද්ධිය බලපාන බව ද ඇය සඳහන් කළාය.

කෘත්‍රිම බුද්ධිය මගින් ඒ ඒ රටවල් අතර ආදායම් පරතරය උග්‍ර විය හැකි බැවින් අඩු ආදායම්ලාභී රටවලට කෘත්‍රිම බුද්ධිය මගින් ගෙන එන අවස්ථා ඉක්මණින් අත්පත් කර ගැනීමට උපකාර කළ යුතු බව ද ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම