චීන තායිවාන කලාපයේ මැතිවරණ ප්‍රතිඵලයෙන් එකම චීනය යන මූලධර්මය කිසිදු ලෙස වෙනස් කළ නොහැකි බවට චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
2024-01-15 18:56:45
Share with:

තායිවාන කලාපයේ මැතිවරණය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අවධාරණය කළා ය. ඇය අද(15) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, මැතිවරණ ප්‍රතිඵල කෙසේ වුව ද, ලෝකයේ ඇත්තේ එකම චීනයක් සහ තායිවානය චීනයේ කොටසක් යන මූලික සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකි බවයි.

තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම එක් චීනයකට අයත් වන අතර, තායිවානය චීනයේ භූමියේ කොටසක් බව, Mao Ning මහත්මිය අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් යළි අවධාරණය කර ඇත.  තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස තවම යළි ඒකාබද්ධ වී නොමැති වුවද, චීනයේ ස්වෛරීත්වය සහ භූමිය කිසි විටෙක බෙදී නොමැත. තායිවානය චීන භූමියේ කොටසක් වන නීතිමය තත්ත්වය කිසි විටෙකත් වෙනස් වී නොමැති අතර තායිවාන සමුද්‍ර සන්ධියේ ප්‍රශ්නයේ සැබෑ තත්වය මෙයයි. එකම චීනය යන මූලධර්මය, චීනය හා ලෝකයේ සෙසු රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කිරීමට සහ සංවර්ධනය කිරීමට දේශපාලන පදනමයි. මෙය ජාත්‍යන්තර ප්‍රජාවගේ පොදු එකඟතාවය වන බව, Mao Ning මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම