නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණේ වැඩකටයුතු පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමේ චින්තනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ලිපිය පළ කෙරේ
2024-01-15 16:49:37
Share with:

හෙට(16) දින නිකුත් කෙරෙන Qiushi සඟරාවේ 2 වැනි කලාපයෙහි, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතාගේ වැදගත් ලිපියක් පළකෙරේ. “නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණේ වැඩකටයුතු පූර්ණ සහ නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමේ චින්තනය” එම ලිපියේ තේමාවයි.

එක්සත් පෙරමුණේ වැඩකටයුතු චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ගමන්මග හා ප්‍රධාන ප්‍රතිපත්තියේ වැදගත් කොටසකි. චීනය විප්ලව, සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය තුළ ඒ ඒ ඓතිහාසික යුගවලදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. නව යුගයේ එක්සත් පෙරමුණේ වැඩකටයුතුවලදී ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ ප්‍රායෝගිකව නව යුගයේ පක්ෂයේ එක්සත් පෙරමුණේ වැඩකටයුතුවල උසස් කාර්යයක් කිරීම පිළිබඳ වැදගත් අදහස් සහ එය ශක්තිමත් කිරීම සඳහා නව සංකල්ප, නව අදහස් සහ නව උපායමාර්ග මාලාවක් ගොඩනැගීමයි. නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ එක්සත් පෙරමුණේ වැඩකටයුතු පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමේ චින්තනය අදාළ වැඩකටයුතුවල මූලික උපායමාර්ගය වන අතර සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂයේ අදාළ කටයුතු පූර්ණ සහ නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින් පිං මහතා එම ලිපියෙන් අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම