නව නිවාස ණය 15,000ක් ජනවාරි මස සිට
2024-01-14 16:51:42
Share with:

“සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  සභාපති රජීව් සූරියාඅරච්චි මහතා පැවසීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම ණය ප්‍රතිලාභීන්ට ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර අයවැය මගින් මෙම වසරේ නිවාස සංවර්ධනය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 7,650ක් වෙන් කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම