චීනයේ තායිවාන මැතිවරණය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රකාශය චීනය දැඩිව හෙළා දකියි
2024-01-14 17:56:11
Share with:

චීනයේ තායිවාන මැතිවරණය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා අද (14) අදහස් පළ කළේය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයේ තායිවාන මැතිවරණය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ අතර, එය එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුන බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය තායිවානය සමඟ සංස්කෘතික, වාණිජ සහ අනෙකුත් නිල නොවන සබඳතා පමණක් පවත්වා ගැනීමට ඇමරිකාව ලබා දුන් ප්‍රතිඥා දැඩි ලෙස කඩ කිරීමක් ද වෙයි. මේ පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර ඇත.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන අතර චීන-එක්සත් ජනපද සබඳතා අතික්‍රමණය කළ නොහැකි පළමු රතු රේඛාවයි.

එකම චීනය යන මූලධර්මයට සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුනට දැඩි ලෙස අවනත වන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමන් ම “තායිවාන ස්වාධීනත්වයට” සහය නොදීම හා තායිවාන ප්‍රශ්නය මුවාවෙන් චීනයට බාධා එල්ල කිරීමට උත්සාහ නොකිරීම සම්බන්ධයෙන් ඇමරිකානු නායකයින් බොහෝ අවස්ථාවලදී ලබා දී ඇති ප්‍රතිඥා සාක්ෂාත් කර ගන්නා ලෙස ද චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම