අධිකරණ, නඩු පැවරීම සහ පොදුජන ආරක්ෂාව පිළිබඳ කාර්යයන් හි අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2024-01-14 15:26:36
Share with:

චීනයේ අධිකරණ, නඩු පැවරීම සහ පොදුජන ආරක්ෂාව පිළිබඳ කාර්යයන් හි අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං මහතා පසුගිය දා මේ බව සඳහන් කළේ ය.

2024 වසරේ චීනය ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින් පිං මහතා කියා සිටී. 14වැනි පස් අවුරුදු සැළැස්මේ ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට මෙම වසර වැදගත්ය. අධිකරණ, නඩු පැවරීම සහ පොදුජන ආරක්ෂාව පිළිබඳ විවිධ ආයතන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයේ හා කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 2වැනි පූර්ණ සැසිවාරයේ ජීවගුණය අනුගමනය කර කොමියුනිස්ට් පක්ෂයේ ඒකායන නායකත්වය යටතේ සිය වගකීම් හා යුතුකම් අධිෂ්ඨානශීලීව ඉටු කළ යුතු ය. අධිකරණ, නඩු පැවරීම සහ පොදුජන ආරක්ෂාව පිළිබඳ කාර්යයන් හි නවීකරණය චීන මාදිලියේ නවීකරණයට සවියක් ලබා දෙමින් චීනය බලවත් රටක් ලෙස ගොඩනැංවීමත් ජාතියේ පුනරුදය යළි ඇති කිරීමත් සහතික කළ යුතු බව ද ෂී ජින්පිං මහතා උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම