රාජ්‍ය වියදම් අඩු කිරීමට චක්‍රලේඛයක්
2024-01-14 16:50:08
Share with:

රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

තවද, ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතේ කෙටි කාලීන සැලසුම්වලදී පිරිවැය අඩු කිරීම ප්‍රමුඛතාවයක් ලෙස පිළිගෙන ඇති බැවින්, රජයේ වියදම් අරපිරිමැස්මෙන් කළ යුතු බවත්, වියදම් අඩු කිරීමේ රෙගුලාසි සහ චක්‍රලේඛ දැඩි ලෙස පිළිපැදිය යුතු බවත්, පිරිවැය පාලන උපාය මාර්ග අනුගමනය කළ යුතු බවත් එහි සඳහන්ය. එක් එක් ආයතනවල ස්වභාවයට ගැලපෙන පරිදි අදාළ උපදෙස් භාවිතා කළ යුතුය.

එසේම වාර්ෂික ඇස්තමේන්තුවල ජාතික වශයෙන් දක්වා ඇති කාර්යයන් හැර උත්සව, රැස්වීම්, ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ, සමාරම්භක උත්සව ආදිය පැවැත්වීම සඳහා රජයේ මුදල් භාවිත නොකළ යුතු බවට මුදල් අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතනවලට චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම