චීනයේ තායිවාන ප්‍රදේශයේ මැතිවරණයෙන් නියත වශයෙන්ම චීනය යළි එක්සත් කිරීමේ පොදු ප්‍රවණතාව නැවතිය නොහැකියි
2024-01-14 16:24:14
Share with:

 චීනයේ තායිවාන ප්‍රදේශයේ මැතිවරණයෙන් නියත වශයෙන්ම චීනය යළි එක්සත් කිරීම යන පොදු ප්‍රවණතාවය නැවැත්විය නොහැකි බව චීනය ප්‍රකාශ කරයි.

තායිවාන ප්‍රශ්නය චීන අභ්‍යන්තර කටයුත්තක් වන අතර තායිවානයේ තත්ත්වය කෙසේ වෙනස් වුවද ලෝකයේ පවතින්නේ එකම චීනය පමණක් බවත්, තායිවානය චීනයේ කොටසක් යන මූලික සත්‍යය වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍යාංශය තායිවාන ප්‍රදේශයේ මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව පැවසීය. එකම චීනය යන මූලධර්මය පිළිපදිමින් "තායිවාන ස්වාධීනත්වය" පිළිබඳ බෙදුම්වාදයට විරුද්ධ වීමේ චීන රජයේ ස්ථාවරය වෙනස් නොවන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ එකම චීනය යන මූලධර්මයට අනුගත වීමේ පොදු එකඟතාවය වෙනස් නොවනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ප්‍රජාව එකම චීනය යන මූලධර්මය අඛණ්ඩව පිළිපදිමින්, "තායිවානයේ ස්වාධීනත්වය" සම්බන්ධ බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට විරුද්ධ වී ජාතියේ යළි එකමුතුකම සඳහා උත්සාහ කිරීමේ චීන ජනතාවගේ සාධාරණ ව්‍යායාමය සඳහා සහාය දෙනු ඇතැයි විශ්වාස කරන බව ද චීන විදේශ අමාත්‍යාංශය පැවසීය.

චීනයේ තායිවාන ප්‍රදේශයේ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා පැවසුවේ, මෙවර තායිවානයේ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ එහි ප්‍රජාතාන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයට තායිවානයේ ප්‍රධාන ධාරාවේ මහජන මතය නියෝජනය කළ නොහැකි බවයි. මෙම මැතිවරණයට තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සබඳතාවල මූලික රටාව සහ සංවර්ධන දිශාව වෙනස් කළ නොහැකි බව ද ‍ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම