විදේශ හමුදා ඉවත් කරන ලෙස ඉල්ලා ඉරාක පාර්ලිමේනතුවට පනතක්
2024-01-14 16:15:30
Share with:

ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 88 දෙනෙක් ඊයේ (13) ඉරාකයේ විදේශ හමුදා රැඳී සිටීම අවසන් කිරීම පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ.

ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රී Falih al-Khazali මහතා ඊයේ (13) මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂ කණ්ඩායම වන “සම්බන්ධීකරණ රාමු සන්ධානයේ” සාමාජිකයින් 88 දෙනෙකු විසින් අත්සන් කර ඉදිරිපත් කළ බවයි. ඇමරිකානු හමුදාව ඉරාකයේ ස්වෛරීත්වය බරපතල ලෙස උල්ලංඝනය කරමින් ඉරාක සන්නද්ධ හමුදාවන්ට අනුබද්ධ Hashd Shaabi බලකායේ පුද්ගලයින්ට සහ පහසුකම්වලට අනුක්‍රමිකව ප්‍රහාර එල්ල කර ඇති බැවින් මෙම පියවර ගෙන තිබේ. සිය රට සහ එහි ජනතාව ආරක්ෂා කිරීමට ඉරාකය සතුව ප්‍රමාණවත් සන්නද්ධ බලවේග සහ ආරක්ෂක හමුදා ඇති බවත්, ඉරාකයේ විදේශ හමුදා සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් හෙතෙම පැවසීය.

ඉරාකයට ඇති ජාත්‍යන්තර මැදිහත්වීමේ පැවැත්ම අවසන් කිරීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉරාක රජයේ ස්ථාවරය ස්ථිර බව ඉරාක අග්‍රාමාත්‍ය Mohammed Shia' Al Sudani පසුගිය 5වැනිදා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම