චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ප්‍රමුඛ නියෝජත පිරිසක් ඇමරිකාවේ සංචාරයක
2024-01-14 15:40:18
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Liu Jianchao මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක්, ජනවාරි 8 සිට 13 දක්වා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙති.

සංචාරය අතරතුර, Liu Jianchao මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ප්‍රධාන නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ජෝන් ෆයිනර්, ෆෙඩරල් සෙනෙට් සභිකයින් සහ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂවල නියෝජිතයන්, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරාධිපතිවරයා සහ මූල්‍ය, කර්මාන්ත, වාණිජ්‍යය ඇතුළු එරට ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන්, බුද්ධි මණ්ඩල නියෝජිතයන් මෙන්ම මාධ්‍යකරුවන් හමුවිය.

හෙතෙම දෙරට පිළිබඳ ට්‍රැක් 1.5 සංවාදය සහ විදේශ සබඳතා පිළිබඳ එක්සත් ජනපද කවුන්සිලයේ දේශනයක් ද පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සහ Liu Jianchao මහතා අතර හමුවක්ද පැවැත්විණ. නියෝජිතයින් පිරිස විවිධ පාර්ශ්ව සමග දෙරට සබඳතා සහ ගෝලීය පාලනය, චීනයේ සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව ගැඹුරු අදහස් හුවමාරු කර ගත්හ.

ෂී ජින්පිං සහ ජෝ බයිඩන් ජනාධිපතිවරුන් විසින් ඇති කර ගත් වැදගත් සම්මුතීන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, චීන-ඇමරිකා ස්ථාවර සබඳතාව සඳහා සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා බවත් දෙපාර්ශ්වය මෙහිදී ප්‍රකාශ කළහ.                          

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම