ජපන් සැහැල්ලු දුම්රිය ලබා දීමට එරටින් කොන්දේසියක්
2024-01-14 16:52:30
Share with:

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා පවසා ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී පැවති හමුවේදී  මේ අදහස් පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති වැඩසටහන කඩා කප්පල් කර නොගත යුතු බවද මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා එම හමුවේදී ප්‍රකාශ කර තිබේ.

ජනවාරි 11 වන දින දිවයිනට පැමිණි ජපාන මුදල් අමාත්‍යවරයා සහ එම දුත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු විවිධ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ 12 වන දින නිල සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳව බලවත් ප්‍රසාදය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම