ඕනෑම රටක රාජ්‍යතාන්ත්‍රිකභාවයට චීන-මාලදිවයින් සබඳතාව ආදර්ශයක්- මාලදිවයින් ජනපති
2024-01-13 16:04:23
Share with:

මාලදිවයින්-චීන සබඳතාව විස්තීර්ණ උපාය මාර්ගික සහ‍යෝගිතා හවුල්කාරීත්වය බවට ගොඩනැගීමෙන් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවත් දෙරට අතර මිත්‍රත්වය වඩාත් අවංක, දිගුකාලීන සහ උතුම් දිශාවකින් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බවත් මාලදිවයින් ජනාධිපති  Mohamed Muizzu මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

ඉතා විශිෂ්ට නායකයෙක් ලෙසට සැලකෙන චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජනතාව කේන්ද්‍ර කර ගෙන රට පාලනය කරන බව Mohamed Muizzu මහතා එහිදී පෙන්වා දී තිබේ. ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීන ආර්ථිකය වේගවත් වර්ධනයක් අත්පත් කරගැනීම විශේෂත්වයක් බව ඔහු පැවසීය.

රටවල් කෙතරම් විශාල හෝ කුඩා වුව ද තම ස්වෛරීභාවය වෙනුවෙන් එකිනෙකාට ගරු කොට අභ්‍යන්තර කටයුතුවලට අන්‍යෝන්‍ය ලෙස මැදිහත් නොවීම යන මූලධර්මය, මාලදිවයින සහ චීනය අනුගමනය කිරීම ඕනෑම රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට ආදර්ශයක් සපයා ඇති බව Muizzu මහතා කියා සිටියේය.

චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට මාලදිවයින සම්පූර්ණයෙන් එකඟ වෙයි. එම මුලපිරුම් සමස්ත මානවයන් හා ගෝලීය සංවර්ධනයට හිතකර වන අතර එය විවිධ රටවලට ද ඉතා වැදගත් යැයි ඔහු පැවසීය.

චීනය සමඟ“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ සහයෝගිතා ලියවිල්ලට අත්සන් තැබූ ප්‍රථම රටවලින් එකක් වන්නේ මාලදිවයින යැයි Muizzu මහතා සඳහන් කළේය. චීන-මාලදිවයින් මිත්‍ර පාලම, එම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘතියකි. එම පාලම භාවිතයට පත් වූ දා සිට එහි ප්‍රාදේශීය වැසියන්ගේ ජීවිතය වෙනස් වී ඇති අතර එහි ආර්ථිකය ප්‍රවර්ධනය කොට තිබෙන බව ද මාලදිවයින් ජනාධිපතිවරයා ‍වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම