ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ සම්මාන රැසක් චීන ව්‍යවසායන් හිමි කර ගනී
2024-01-13 18:33:53
Share with:

ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයට අනුබද්ධ 2024 වසරේ නවෝත්පාදන සම්මානයෙන් චීන ව්‍යවසායන් රැසක් පිදුම් ලබති. ඒ අනුව චීන ව්‍යවසායන් 15ක තාක්ෂණයන් හා නිපැයුම් ඊට හිමිකම් කීය.

ඊයේ(12) ඇමරිකාවේ LasVegas හි අවසන් වූ එම ප්‍රදර්ශනයට ලොව පුරා 150කට වැඩි රටවල් හා කලාපවලින් පැමිණි ව්‍යවසායන් 4000කට අධික සංඛ්‍යාවක් එක්වීය. නිපැයුම් වර්ග 29ක් සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ නිපැයුම් 3000කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා තරග වැදීය.

මෙම ප්‍රදර්ශනය අතරතුර, 2023 – 2024 වසරවල ගෝලීය වශයෙන් ඉදිරියෙන් සිටින සන්නාම ද තෝරා ගනු ලැබිණ‍. චීන ව්‍යවසායන් රැසක් ද එහි දී පිදුම් ලැබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම