අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක්
2024-01-13 18:51:05
Share with:

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එහිදී තොග මිල නිශ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අල සහ මයිසූර් පරිප්පු සඳහා මෙසේ උපරිම තොග සහ සිල්ලර මිල ප්‍රසිද්ධ කර ඇත. 

වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ලොකු ලූණු, අල සහ පරිප්පු සඳහා තොග මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම